BREAKING NEWSEXCLUSIVE

අද සිට බස්රථ ප්‍රවාහනය යථා තත්වයට- ආසන ගනනට වඩා ගෙනගියොත් බලපත්‍ර අහෝසියි…

අද (09) සිට ලංකා ගමනා ගමනයට අයත් බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ලංගම සභාපති කිංස්ලි රණවකමහතා පවසනවා.

එම නිසා සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව ඔහු සඳහන් කර සිටියා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මහතා මේ අදහස් පලකලේ,

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතුයි. පසුගිය දිනවල නිකුත් කළචක්‍රලේඛයෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව අපට පැහැදිලිවම දැනුම්දීලා තියෙනවා. අනුව ගමනාගමනමණ්ඩලයේ සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතුයි. අපේ බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරලාතියෙනවා. රාජ්‍ය ආයතනවල සේවකයින් සියයට 50ක් පමණ අඩු කරන්න රජය කටයුතු කරලා තියෙන්නේ බස්රථවල හා සේවාස්ථානවල ඇතිවෙන තදබදය තුළින් මෙම කොවිඩ් වෛරසය පැතිරීම අවම කිරීමට. කිසියම් ආකාරයකට මහජනතාව මාර්ගවලටඅවතීර්ණ වෙනවා නම් අයට සෞඛ්‍ය පුරුදු නිසිපරිදි පවත්වා ගෙන යෑමට සහ සමාජ දුරස්ථභාවය නිසිපිරිදි පවත්වාගෙන යෑමටහැකිවන පරිදි බස්රථ අවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර ධාවනය යොදවන ලෙස අපිට සෞඛ්‍ය අංශ අපට උපදෙස් ලබාදෙනවා.”

මේ අතර, නව චක්‍ර ලේඛයන්ට අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට අදාළව අද (09) දිනයේ සිට අමතරව බස්රථ ධාවනයටඑක්කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

ප්‍රමාණවත් තරම් බස්රථ නොමැති බව පවසමින් කිසිදු බස් රථයක ආසාන ධාරිතාව ඉක්මවා මගීන් ගෙනයා නොහැකි බව සඳහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා

ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙස බස්රථ සේවකයින්ට උපදෙස් ලබාදී ඇති අතර එම කොන්දේසිඋල්ලංඝනය කළ බස් රථ 70කට ආසන්න සංඛ්‍යාවක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන ඇති බවද කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button