BREAKING NEWSEXCLUSIVE

බස් ගාස්තු හෙට සිට ඉහලට…

බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අද ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ, ඉන්ධන මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් සලකා බලා මෙම වාර්තාව සකස් කළ බවයි.

මේ යටතේ අවම බස් ගාස්තුව ද වැඩි කිරීමට නිර්දේශ කර ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර වැඩි කෙරෙන බස් ගාස්තු පිළිබඳ බස් හිමියන් සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා අතර පසුගිය සතියේදී සාකච්ඡාවක්ද පැවැත්වුණු අතර ඉන් අනතුරුව දිලුම් අමුණුගම මහතා පැවසුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සකස් කිරීමට නියම කළ වාර්තාව පදනම් කර ගනිමින් හෙට (29) සිට බස් ගාස්තු වැඩි කරන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button