BREAKING NEWSEXCLUSIVE

අන්තවාදයට එරෙහිව රජයෙන් දැඩි තීරණයක් – බුර්කාව තහනම් කෙරේ

දැඩි ආන්දෝලනයට තුඩු දුන් බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාව රජය විසින් සකස් කර තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසන්නේ බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබු බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එය මෙරට ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන බවය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව බුර්කාව තහනම් කිරීම උදෙසා දැඩි කතාබහක් ඇති වූවත් පසුගිය රජය විසින් බුර්කාව තහනම් කිරීම ප්‍රතික්ෂේප කළා.

මේ අනුව බුර්කාව තහනම් කළ ස්විට්සර්ලන්තය, කැනඩාව ආදි රටවල් අතරට අලුතෙන්ම එක්වන රට වන්නේ ශ්‍රී ලංකාවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button