BREAKING NEWSEXCLUSIVEPOLITICS

බැසිල් වැඩ පෙන්නයි – පොදුජන අයවැයට තුනෙන් දෙකක බහුතර බලයක්

2022 අයවැය දෙවනවර කියවීම, පක්ෂව 153ක් සහ විපක්ෂව 60ක් ලෙස බහුතර ඡන්දයෙන් මීට සුළු මොහොතකට පෙර සම්මත විය.

මේ අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවැයම තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වීම විශේෂත්වයකි.

අයවැය 153ක බහුතර ඡන්ද ලබා ගත්තේ, ගාමිනි ලොකුගේ, ටිරාන් අලස්, සමන්ප්‍රිය හේරත් යන මන්ත්‍රීවරුන් කොරෝනා ආසාධිතව පාර්ලිමේන්තු නොපැමිණි පසුබිමක වීම විශේෂත්වයක්.

පසුගියදා රජය විවේචනය කළ ඇතැම් මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button