BREAKING NEWSEXCLUSIVEPOLITICS

අයවැය තෙවන වර කියවීම අද..

අයවැය  තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද 23 සිට ආරම්භ වේ.

මෙම විවාදය ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර එදින පස්වරු 5.00 ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේය.

මේ අතර 2023 අයවැය දෙවන වර කියවීම ඊයේ 22 දිනයේ වැඩි ඡන්ද 37 කින් සම්මත වුණි.

ඊට පක්ෂව ඡන්ද 121 ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 84 ක් පමණය.

කෙසේවෙතත් ඡන්දය ලබාදීම සඳහා සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පමණක් ඡන්දය දීමෙන් වැළකි සිටි අතර දෙමළ ජාතික සන්ධානය ඇතුළු මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේ සභා ඝර්භයේ රැඳී නොසිටි බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button