BREAKING NEWSEXCLUSIVE

තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ නිපදවන ලද Breathtech – S³ ලොව ප්‍රථම Smart මුව ආවරණය ලංකාවෙන්..

තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය (Smart Face Mask) BreathTech-S3 සන්නාමයෙන් ලොවට හඳුන්වාදීම පසුගියදා සිදු කෙරිණි.

එම උත්සවය තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභා පරිශ්‍රයේ දී පැවැත්විණ.

හයිඩ්‍රාමනී (Hirdaramani) සමූහය, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ Technologies ආයතන ත්‍රිත්වය එක්ව මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙයි. මෙහි ඇති සංවේදක Bluetooth තාක්ෂණය හරහා ජංගම දුරකථන යෙදුමට (app) සම්බන්ධ වී පැලඳ සිටින ක්‍රීඩකයාගේ ආශ්වාස ප්‍රාශ්වාස කරන ඔක්සිජන් ප්‍රමාණයේ සිට විවිධ වැදගත් දත්ත නිරීක්ෂණය කළ හැකියි.

ශ්වසන සංවේදක තාක්ෂණය ඇතුළත් කර තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියක් යටතේ නිපදවන ලද Breathtech – S³ ලොව ප්‍රථම Smart මුව ආවරණය මෙයයි.
BreathTech – S³ පැළඳ සිටින පුද්ගලයාගේ ශ්වසන වේගය නිරීක්ෂණය කරන අතර එම පුද්ගලයාගේ මුහුණට නිසි ආකාරයෙන් සවිව අවම කාන්දුවක් ඇතිවන බවට fit assessment තාක්ෂණය හරහා තත්කාලීනව නිරීක්ෂණය කරයි. BreathTech – S 3 හි සංවේදක අමුද්‍රව්‍ය (සංවේදක මූලද්‍රව්‍ය) ප්‍රශ්වාස වාතයේ ඇති සංඝටක සමඟ ප්‍රතික්‍රියා කිරීම තුළින් එහි විද්‍යුත් සන්නායක ගුණය වෙනස් කරයි.

මේ සඳහා අතිනවීන සහ අනන්‍ය සංවේදකය නිර්මාණය කිරීමට SLINTEC ආයතනයේ විද්‍යාඥයන් විසින් වසර ගණනාවක පර්යේෂණ කටයුතු හරහා ශ්‍රී ලංකාවේ මිනිරන් භාවිතා කර නිපදවන ලද මුද්‍රණය කළ හැකි Graphene යොදා සිදුකරන ඉතාමත් සංවේදී සහ අඩු පිරිවැයක් සහිත සංවේදක නිෂ්පාදන තාක්ෂණයක් භාවිතා කරනු ලබයි.
100% සෙලියුලෝස් සහ දිරාපත්වන අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කර ඇති මෙය පරිසර හිතකාමී තිරසාර නිෂ්පාදනයක් වන අතර එහි යෙදුම (App) තුළ මෙම මුව ආවරණය නිසි පරිදි වගකීම්සහගතව බැහැර කිරීමට අදාළ උපදදෙස් ද ඇතුළත් වේ.

පරිසර හිතකාමී කර්මාන්තශාලා තුළ නිපදවන මෙම පරිසර හිතකාමී Smart මුව ආවරණයේ ඇසුරුම් ස්වාභාවිකව දිරාපත්වන ලෙස සකස් කර තිබීමෙන් මුව ආවරණ හේතුවෙන් පරිසරයට එක්රැස් වන කසල ප්‍රමාණය අවම කළ හැකියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button