BREAKING NEWSPOLITICS

ප්‍රචාරක වියදම් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් – මහේෂ් සේනානායක ජනපති අපේක්ෂකයෙකු ලෙස නම් කෙරේ

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක නම් කෙරුනා. ඒ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන උත්සවකයදීයි.

සිවිල් සංවිධාන එකමුතුවක් වන ජාතික ජනතා ව්‍යාපාරය මින්පෙර සිය ජනපති අපේක්ෂකයන් ලෙස නම් කෙරේ හිටපු විගණාකාධිපති ගාමිණි සහ අජිත් කොලොන්නේ දෙදෙනායි.

කෙසේ වෙතත් හිටපු හමුදාපතිවරයා සමග සිදු කළ සාකච්ඡා වලින් පසුව ඔහු ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට කැමැත්ත පල කිරීමෙන් පසු ජාතික ජනතා ව්‍යාපාරය මෙලෙසට මහේෂ් සේනානායක තෝරා ගැනීම සිදු කළා.

හමුදා පසුබිමත්, සිංහල බෞද්ධ පසුබිමත් හේතුවෙන් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබිය හැකි පාවෙන ඡන්ද ලබා ගත හැකි ප්‍රමුඛතම අපේක්ෂකයා ලෙසට හිටපු හමුදාපතිවරයා ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කියවේ. මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ඒ මහතාගේ සියලු ප්‍රචාරක වියදම් දැරීමට නියමිත බවත් සඳහන්.

මහේෂ් සේනානායක 2010 වසරේ සිට 2015 දක්වා ශ්‍රී ලංකාව හැර ගොස් ඇමෙරිකාවේ ජීවත් වෙමින් සේවය කළේ ඇමෙරිකානු රජයට අයත් ගිණුම්කාරක සමාගමක් වෙනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button