BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSVIRAL NEWS

දුනු සහ ඊතල තාක්ෂණය ලොව පළමුවෙන්ම භාවිත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බවට හෙළිවෙයි

 

දුනු සහ ඊතල තාක්ෂණය ලොව පළමුවෙන්ම භාවිත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බවට නවතම අධ්‍යයනයකින් හෙළිවී ඇත.

මීට වසර 48,000 කට පෙර මෙරට ජීවත්වූ ආදිවාසීන් විසින්  සත්ත්ව ඇටකටු වලින් මෙවලම් තනා ගෙන දඬයම් සිදුකළ බවට වන සාක්ෂි සොයා ගැනීමට පර්යේෂක කණ්ඩායමක් සමත්ව තිබෙනවා.මෙම ආදී වාසින් විසින් ලේනුන් සහ වඳුරන් මෙලෙස දඩයම් කර ඇති බවටයි එහිදී හෙළිවී ඇත්තේ. මෙය අප්‍රිකානු යුගයට පෙර ආදී මානවකයින් දුනු සහ ඊතල භාවිතය සම්බන්ධයෙන් ලැබී තිබෙන ප්‍රබල සාධයකයක් බවයි එම පර්යේෂණ කණ්ඩායම පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ආදී මානවයින් ජීවත්වූ බවට සාධක හමුවූ ෆාහියන් ලෙනෙන් හමුවූ වඳුරන් සහ ලේනුන් ගේ සත්ව අස්ථි කොටස් සොයා ගැනීමත් සමග ආදිමානවයින් ගේ දඬයම් කිරීම සම්බන්ධයෙන් වන පළමු සාක්ෂිය ලෙස හඳුනා ගනු ලැබුවා. දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම පොසීලයන් සොයා ගනු ලැබුවේද මෙම ගුහාවේ සිටය.

මෙම ප්‍රදේශයේ මිනිස් වාසය සිදුව ඇත්තේ අදියර 04 කදී බවට සොයා ගෙන ඇති අතර එය වසර 4000 සිට 48,000 ක් තරම් ඈතට දිවයනවා.

වැසි වනාන්තරවල ජිවත්වන වඳුරන් සහ ලේනුන් වැනි වේගයෙන් ගමන් කිරීමට දස්කම් දක්වන සතුන් දඬයම් කිරීමට ආදී මානවයින් සමත්වූයේ කෙසේද යන්න සොයා ගැනීමට හැකිවුයේ ගුහාවේ තිබියදී සොයා ගනු ලැබූ ඇතැම් සත්ව අස්ථි කොටස් දඬයම් මෙවලම් බවට පත් කර තිබීම හේතුවෙන්ය.

මේ සම්බන්ධයෙන් පර්යේෂණයේ නියැලෙන ඕස්ට්‍රේලියාවේ Griffith University සරසවියේ පුරාවිද්‍යාව පිලිබඳ ජේෂ්ඨ මහාචාර්ය මිෂෙල් ලැන්ග්ලි පවසා සිටියේ සොයා ගනු ලැබූ සත්ව අස්ථි කොටස් වල ඇති සලකුණු අනුව දුනු සහ ඊතල භාවිතයෙන් දඬයම් කිරීමේදී ඇතිවන බිඳීම් එම අස්ථිවලද දක්නට ලැබෙන බවයි. ලංකාවෙන් හමුවූ අස්ථි මිට වසර 32,000ක අතීතයක් හිමි අග්නිදිග ආසිවේ අස්ථි කොටස් වලට වඩා අතීතයට උරුමකම් කියන බවයි මහචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ..

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button