BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාව අසරණ කිරීමේ කුමන්ත්රණය ඩොලර් මිලියන 100කට මංගල බාර ගනී – ප්‍රධාන ඉලක්කය අගමැති මහින්ද!

මෙරට අතිබහුතරයක් බටහිර රටවල සිට ක්‍රියාත්මක වන N.G.O මෙහෙයවන හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ නායකත්වයෙන් යුතුව ක්‍රියාත්මක වෙන මෙම එන්.ජී.ඕ සංවිධානය මංගල සමරවීරගේම සැලසුමකට අනුව අගමැති මහින්ද ඉලක්ක කරමින් සිය ප්‍රහාරය දියත් කර තිබේ.

අතිශය කූඨ මඩ ප්‍රහාර සැලසුම්කරුවෙකු වන මංගල, අගමැතිවරයාගේ ප්‍රතිරූපයට හානි කරමින්, ජනප්‍රියතාව බිඳ වැටෙන ආකාරයේ විවිධ කටකතා සහ ප්‍රචාර ගම් මට්ටමින් පතුරුවා හැරීමද මෙහිදී සිදු කරනු ලබන බවද වාර්තා වේ.

මේ සඳහා අරමුදල් නෝර්වේ රාජ්‍යයට සම්බන්ධ මෙරට වයඹ පළාත කේන්ද්‍රගත කරගනිමින් ක්‍රියාත්මක වන මෙම රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ලැබෙන බවද වාර්තා වෙව්.

මෙම දෙපාර්ශවය අතර සම්බන්ධීකරණ කටුයතු සිදු කරනු ලබන්නේ මංගල සමරවීරගේ ප්‍රමුඛ සහායකයා වන කොටි ඩයස්පොරාවේ මුදලින් තම පවුලම නඩත්තු කරන සුනන්ද දේශප්‍රිය නමැති කුප්‍රකට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයායි.

මෙම වැඩපිළිවෙල මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ගෝඨාභය රාජපක්ෂට කැළලක් නොවන ලෙසට වන අතර, ගෝඨාභය චරිතයේ අත්තිවාරම ලෙසින් සැලකෙන මහින්ද රාජපක්ෂ චරිතය දුර්වල කිරීමේ කටයුත්ත මූලික අධියර ලෙසින් ක්‍රියාත්මක වේ.

එය දේශපාලන උගුල් ඇටවීමේ කුප්‍රකට මොලකරුවකු වන මංගල සමරවීරගේ සංකල්පයකි.

මහින්ද රාජපක්ෂ චරිතයට පහර දී දේශපාලන භූමියෙන් ඉවත් කර, ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ හුදකලා කර පහර දී පරාජය කිරීම පහසු බව මංගලගේ අදහස වී තිබේ.

එය ඉතාමත් සාර්ථක කූඨ උපක්‍රමයකි. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ චරිතය ජනතාව තුළ නව බලාපොරොත්තු සමගින් ජනප්‍රිය වී ඇති චරිතයකි.

එවැනි අවස්ථාවක ඊට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ජනතාව නුරුස්සන කටයුත්තකි. එබැවින් ඔවුන් පවතින තත්වය ප්‍රයෝජනයට ගෙන ගෝඨාභය රාජපක්ෂව තව තවත් ඉහළට ඔසවා තබන්නේ මහින්දගේ ජනප්‍රියතාවය නම් වූ අත්තිවාරම හීන කර ගෝඨාභය දෙසට තල්ලු කර දැමීමටයි.

එම අත්තිවාරම මේ මැතිවරණයේදී පුපුරුවා හැරියොත් ඉදිරි වසර කීපය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රට කරගෙන යාමට නොහැකි ලෙසින් දැවැන්ත බලපෑමක් සිදු කළ හැකි බව මෙම රාජ්‍ය නොවන සංවිධානයේ මතය වී තිබේ.

වාර්තා වන අන්දමට දැනට බෙදී වෙන්වී සිටින, වෙන්වී තරඟ කරන මංගල සමරවීර නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, සමගි ජන ජනබලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද එකතු වී ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ගෙදර යැවීමේ කටයුත්තට තිරය පිටුපසට වී එකමුතු වී සිටියි.

ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙම මැතිවරණයේදී ලැබෙන මනාප ප්‍රමාණය 2015 දී ලබාගත් 423,529ට වඩා පහතට ඇද දැමීමටයි.

එම අරමුණ සාර්ථක වුවහොත් ඔවුන් සමාජය තුළ ඇති කරන්නේ මහින්ද රාජපක්ෂ චරිතයේ ජනප්‍රියතාව පිරිහී යනවා යැයි යන තර්කයයි.

එම කටයුත්ත සිදු කළ හැක්කේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය මූලික කරගෙන ක්‍රියාත්මක වන ඉහත කී රාජ්‍ය නොවන සංවිධානයටයි.

අවශ්‍ය මූල්‍ය අනුග්‍රහයන් සමගින් බලගන්වා ඇති මෙම කටයුත්ත කට කතා සහ සිත් ඇදගන්නා විවිධ කතා විලාශයන් මගින් පතුරුවා හැරීම මේ වන විටත් සිදුවෙමින් පවතී.

මෙම සියලු කුමන්ත්‍රණ පරාජය කළ හැක්කේ ජනපතිට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දීමේ අරමුණ කරගනිමින් වැඩි ජනබලයක් සහිත අගමැති වරයෙක් බිහි කිරීම තුළින් පමණි.

ඒ සඳහා ජනාධිපතිවරණයේදී තිබූ උද්යෝගයද ඉක්මවා ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව වග බලා ගත යුතුය.

ජනාධිපතිට ලබා දුන් ජන වරමෙන් නියම ප්‍රතිඵලයක් නෙලා ගත හැක්කේ ඒ හරහාය.

එබැවින් රාජ්‍ය නොවන සංවිධාන වල කුමන්ත්‍රණ පරදවා මෙවර මැතිවරණයේ පළමු මනාපය අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කිරීම කුරුණෑගල ජනතාවගේ වගකීම වන්නේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button