BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොරෝනා ආසාධිත යුධ හමුදා නිළදාරීන් තිදෙනෙක් රත්නපුරයෙන් සීවලී හා ඇලෝසියස් විදුහල් වලත් රාජකාරි කර ඇති බව හෙළිවේ

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන්.

ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර තිබේ.රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශයන්වලින් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වුනා.

මෙම තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර ඇත.සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා මෙම තොරතුරු තහවුරු කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button