BREAKING NEWSEXCLUSIVEPOLITICSVIRAL NEWS

පාර්ලිමේන්තු අපේක්ශකයා රිය අනතුරක් සිදු කර මහමඟ තරුණයෙකුගේ සහ තරුණියකගේ දෙපා අහිමි කරමින් පලා යයි

එක්තරා ප්‍රභල දේශපාලන පක්ෂයක් නියෝජනය කරන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකුගේ ඩිෆෙන්ඩර් රථයක් අපරික්ෂාරී ලෙස පාර හරහා දැමීමේදි, හොරන-බුළත්සිංහල පාරේ දෙහිගහවල හංදියේදී එක් පසෙකින් ගමන් කරමින් තිබූ යතුරුපැදියක ගැටී ඇත්තේ යතුරුපැදදියේ ගමන් ගත් තරුණයෙක් සහ තරුනියකගේ දෙපා අහිමි කරමිනි තරුනයාගේ එක් පාදයක් එම ස්ථානයේදීම අහිමි වූ අතර තරුනියගේ පාදයක් අඩපන වී ඇත,නමුත් මෙම අපේක්ෂකයා රැගත් ඩිෆෙන්ඩර් රථය තුවාල කරුවන් රෝහලට හෝ ගෙන යෑමට කටයුතු කර නැත. පසුව ප්‍රදේශයේවාසීන් විසින් ඔවුන්ව හොරන මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔවුන් හොරන මූලික රෝහලෙන්, කොළඹ මහ රෝහලට මාරු කර යවා ඇති අතර ජුනි මස 30 වැනිදා සිදුවූ මෙම අනතුරින් දින 4කට ජූලි මස 3 වෙනිදා උඩවෙලගේ නාමල් යලහැන්දි නැමැති 27 හැවිරිදි හොරන බල්ලපිටිය යාල ප්‍රදේශයේ පදිංචි තරුණයා පාදයක් අහිමිව රෝහලෙන් පිටවගොස් ඇත. නමුත් 23 හැවිරිදි බුලත්සිංහල පදිංචි තරුණිය අදටත් දෙපා අක්‍රියව එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි. අත්අඩංගුවට ගත් රියදුරුද මේ වන විට ඇප මත නිදහස් කර යවා ඇති අතර, ඔවුන්ට සාධාරනයක් ඉෂ්ඨ කිරීමට කිසිවෙක් මේ වනතෙක් ඉදිරිපත්ව නැති අතර අදාල දේශපාලඥයාද තවමත් ඔවුන් ගැන සොයා බැලීමටවත් කටයුතු යොදා නැත. බුලත්සිංහල පොලීසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button