BREAKING NEWSCOVID19 - UPDATESEASTEXCLUSIVEINTERNATIONAL NEWS

බච්චන් පවුලේ ඓශ්චර්යා රායි සහ ඇයගේ දියණියටත් කොරෝනා වැළඳේ

ඉන්දියාවේ සුප්‍රසිද්ධ සුපිරි බොලිවුඩ් රංගන ශිල්පීන්ගෙන් යුත් පවුලක් වන භච්චන් පවුලේ ඓශ්චර්යා රායි සහ ඇයගේ දියණිය වන කුඩා ආරධ්‍යා බච්චන් හට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව දෙවැනි වටයේ PCR පරීක්ශණයෙන් තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පවුලේ ජ්‍යේශ්ඨයා වන අමිතාබ් සහ පවුලේ කණිශ්ඨයා වන අභිශේක් ඇතුලුව එම පවුලේ සිව් දෙනෙකුට මේ වනවිට කොරොනා වෛරසය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා.77 හැවිරිදි අමිතාබ් භච්චන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඔවුන් සියළු දෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවය.ඉකුත් දින 10 තුළ තමන් ඇසුරු කළ සියලු දෙනාට නිරෝධායනය වන ලෙස ද අමිතාබ් භච්චන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button