BREAKING NEWSEXCLUSIVE

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57කට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවෙයි!

කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි 56 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිතයන් ලෙසට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450කට ආසන්න පිරිසක් පී සී ආර් පරීක්ෂණවලට ලක් කර ඇති අතර එහිදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම අද උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනාගෙන ඇති අතර ඇය ද කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටියේ.

පසුගියදා කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනා ගත් වැලිකඩ බන්ධනාගාර රැඳවියා මාස 3කට ආසන්න කාලයක් එම මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක් කළ අයෙක්.

ඒ අනුවයි කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450ක පමණ පිරිසක් මේවන විට පී සී ආර් පරීක්ෂනවලට ලක්කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සිදු කළ යුතු පී සී ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button