BREAKING NEWSEXCLUSIVE

මහමැතිවරණය පිළිබඳ බුද්ධි අංශ වාර්තාව නිකුත් වේ – පොහොට්ටුවට ආසන 132ක බලයක්

මෙවර මහමැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳ රාජ්‍ය බුද්ධි අංශ විසින් සකස් කළ සමීක්ෂණ වාර්තාව ජනපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මැතිවරණ පිළිබඳ වඩාත්ම විශ්වසනීය සහ නිවැරදිම සමීක්ෂණය වන මෙම බුද්ධි අංශ වාර්තාවට අනුව මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ජනපතිවරණයට වඩා අඩු වීමට නියමිතය.

කෙසේ වෙතත් උතුරු නැගෙනහිර පළාත් වල සහ මධ්‍යම කඳුකරයට අයත් දිස්ත්‍රීක්කයන්ගේ ඡන්ද ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක පවතී.

බුද්ධි අංශ වාර්තාවට අනුව මහමැතිවරණයේ ආණ්ඩු බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයට හිමිවන අතර ඔවුන්ට හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 132කි. කෙසේ වෙතත් 3/2ක පාර්ලිමේන්තු බලය එම සන්ධානයට හිමි නොවීම විශේෂත්වයකි.

එම වාර්තාවට අනුව ආසන 46ක බලයක් සමගින් සමගි ජනබලවේගය විපක්ෂයේ ප්‍රධාන දේශපාලන බලවේගය වන අතර එක්සත් ජාතික පක්ෂයට ආසන 24ක් සහ දෙමළ ජාතික සංධානයට ආසන 17ක් වශයෙන් හිමිවනු ඇත. ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තු ආසන 4ක් හිමිවනු ඇත.

අපේක්ෂක මනාප සැලකීමේදි මෙවර වියත්මග සාමාජිකයන් මනාප ලයිස්තුවන්හි නොසිතු ප්‍රගතියක් අත්කර ගන්නා බවට බුද්ධි අංශ වාර්තාවේ පුරෝකථනය කර තිබේ.

එම වාර්තාවට අනුව කොළඹ දිස්ත්‍රීක්කයෙන් විමල් වීරවංශ වැඩිම මනාප ලබා ගෙන තිබේ. පොදුජන පෙරමුණේ මනාප ලයිස්තුවේ දෙවන ස්ථානය වියත්මග සමාජික රියර් අද්මිරාල් සරත් වීරසේකරට හිමිව තිබීම කැපී පෙනෙන්නකි. තෙවන ස්ථානය උදය ගම්මන්පිලට හිමිව තිබේ.

විපක්ෂය වෙනුවෙන් කොළඹ මනාප ලයිස්තුවේ ප්‍රමුඛස්ථානය රනිල් වික්‍රමසිංහ පරදවා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට හිමිව තිබීම විශේෂත්වයකි.

කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වැඩිම මනාප සංඛ්‍යාව අගමැති මහින්ද රාජපක්ෂට හිමිවන අතර එහි දෙවන ස්ථානය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට හිමිව තිබේ.

බුද්ධි අංශ වාර්තාවට අනුව මාතර දිස්ත්‍රීක්කයේ මනාප ලයිස්තුවේ ප්‍රමුඛස්ථානය හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධනට හිමිව තිබේ. හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දෙවන ස්ථානයටත්, කාංචන විජේසේකර තෙවන ස්ථානයටත් පත්ව තිබේ. නිපුන ආර් රණවක මාතර මනාප ලයිස්තුවේ සිවුවෙනියායි.

වියත්මග නියෝජනය කරමින් පළමුවරට මැත්වරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගෙන් බහුතරයක් පාර්ලිමේන්තු වරම් ලබා තිබීම තවත් විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button