BREAKING NEWSEXCLUSIVE

කුසල් මෙන්ඩිස් විනය පරීක්ෂණයෙන් බේරා ගෙන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රසිද්ධ පාදිලිවරයෙක්!

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පැදවූ රථය රිය අනතුරකට ලක්වී පුද්ගලයෙකු මිය යාමේ සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවටම කලු පැල්ලමක් එක්කළ සිදුවීමක් වූවා.

මෙම සිදුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, ජාතික කණ්ඩායමේත් ප්‍රතිරූපයට හානිකරනා, ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයන්ට පනවා තිබෙනා සදාචාරාත්මක නීතින් උල්ලංඝණය කිරීමක්ද වනවා.

කෙසේවෙතත් සිදුවීම සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස්ට සහ සම්බන්ධ සෙසු ක්‍රීඩකයන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා, එයට අදාල විනය ක්‍රියාමාර්ග ගැනීම ක්‍රිකට් ආයතනය විසින් නොසලකා හරිමින් තිබේ.

එයට හේතුව වී තිබෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රබල ලෙස සම්බන්ධ, ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයන් බහුතරයක් අයත් වන ආගමික නිකායක පාදිලිවරයෙකුගේ බලපෑමක් බව වාර්තා වේ.

මෙම පාදිලිවරයා මින්පෙරද කුසල් මෙන්ඩිස් බොහෝ අවස්තාවන්හීදි රැකගත් අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කිරීම වළකා ඇත්තේ ඔහුගේ මැදිහත්වීමෙන් බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button