BREAKING NEWSEXCLUSIVE

කුසල් මෙන්ඩිස්ට ඇප – ක්‍රිකට් ආයතනයෙන් කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් නෑ

අධික වේගයෙන් වැරදි මංතීරුවක රිය පදවා අනතුරක් සිදු කරමින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කළ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට අද අධිකරණයෙන් ඇප හිමි වූවා.

පසුගිය පස්වැනිදා උදෑසන 5 ට පමණ පරණ ගාලූපාර හොරෙයිතුඩුව ප‍්‍රදේශයේදී සිදු වූ එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්. පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම පුද්ගලය කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් සිය රථයෙන් බැස, අදාළ පුද්ගලයා නිරීක්ෂණය කර යළි සිය රථයට නැගී එම ස්ථානයෙන් පිටව ගොස් පැයකට පමණ පසු එම ස්ථානයට නැවත පැමිණ ඇති බව ද වාර්තා වනවා.

අනතුරට ලක් වූ පුද්ගලයා රෝහලකට රැගෙන යාමට කුසල් මෙන්ඩිස් හෝ අවිශ්ක ප්‍රනාන්දු ඇතුලු ඔහුගේ සගයන් කටයුතු කර තිබුනේ නෑ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන අන්දමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ කීර්තියට කලු පැල්ලමක් එක් කළ දැඩි විනය විරෝධි ක්‍රියාවක් වන මෙම සිදුවීමට එරෙහිව කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් ලබා නොගන්නා බව වාර්තා වේ.

වෙනත් රටක ජාතික කණ්ඩායමක ක්‍රීඩකයෙක් අතින් මෙවැනි බරපතල වරදක් සිදුවූවා නම් එම රටවල ක්‍රිකට් ආයතන මගින් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීම නිශ්චිතය.

එම රටවල ක්‍රීඩකයන්ගේ විනය ඉතාමත් ඉහළ මට්ටමක පැවතීමට එයද ප්‍රධාන හේතුවකි.

එනමුදු කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ විනය පිළිබඳ කිසිඳු තැකීමක් නොකර සිටිනා අතර එමගින් සිදුවන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර මෙවැනි විනය විරෝධි ක්‍රියා බහුල වී ඔවුන්ගේ විනය පිරිහීම පමණකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button