BREAKING NEWSEXCLUSIVE

“ජාතික සම්පත් රැකගන්න හඬ නගන ප්‍රමුඛ වේදිකාව පාර්ලිමේන්තුව විය යුතුයි” රියර් අද්මිරාල් සරත් වීරසේකර කියයි!

ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් රැකගැනීමේ ප්‍රමුඛ වේදිකාව බවට පත් විය යුත්තේ මහජන මතය නියෝජනය කරනා ව්‍යවස්ථාදායකය නොහොත් පාර්ලිමේන්තුව බව මෙවර මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රීක්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්ව සිටිනා ‍රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ හිමිකම් පසුගිය රජය විසින් ඉන්දියාවට පවරා දීම සම්බන්ධයෙන් අදහස් පළකරමින් ඔහු මේ බව කියාසිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර

“පාලකයන්ට ජනතාවගෙන් බලය හිමි වන්නේ වසර පහකට පමණයි. ඒ රටට සහ ජනතාවට යහපත් ලෙස තීරණ ගනිමින් රට ගොඩනැගීමටයි. එලෙස පත් වූ පාලකයන් මෙරට වටිනා සම්පත් සදහටම විදේශයන්ට පවරා දී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එය ජාතික අපරාධයක්. මෙවැනි ක්‍රියා වලට එරෙහිව හඬ නැගීමේත්, මෙවන් ක්‍රියා වළක්වා ගැනීමේත් ප්‍රමුඛ වේදිකාව ව්‍යවස්ථාදායකය නොහොත් පාර්ලිමේන්තුවයි.” යනුවෙන්ද ප්‍රකාශ කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button