BREAKING NEWSEXCLUSIVE

පැමිණ ඇත්තේ වැල්ලවත්තේ සමාජශාලාවක සිට අධික බීමතින් – කුසල්ගේ රිය අනතුරේ තවත් තොරතුරු අනාවරණය වෙයි

රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කළ ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ ක‍්‍රීඩක කුසල් මෙන්ඩිස් අනතුර සිදුවන අවස්තාවේ සිට ඇත්තේ බීමතින් බව අනාවරණය වී තිබේ.

අද උදෑසන 5:15ට පමණ මෙම අනතුර සිදුවූ අතර මෙම අනතුරට ලක්වීමට ප්‍රථම කුසල් මෙන්ඩිස් නිවෙස බලා යාමට පැමිණ ඇත්තේ වැල්ලවත්තේ පිහිටි රාත්‍රී සමාජශාලාවක සිට පමණ බවද පරීක්ෂණ වලින් හෙළිව තිබේ. ඒ සිය සුඛෝපභෝගී වර්ගයේ SUV මෝටර් රථය පදවමින්.

ඊයේ (4) රාත්‍රී දහයේ සිට අද අලුයම පහ දක්වා කුසල් මෙන්ඩිස් මෙම රාත්‍රී සමාජශාලාවේ බීමතින් විනෝද වෙමින් සිටි බවද පොලිස් පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ. ඒ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනා තවත් යොවුන් ක්‍රීඩකයෙක් වන අවිශ්ක ප්‍රනාන්දු සහ තරුණියන් පිරිසක් සමගයි.

රාත්‍රී සමාජශාලාවේ සාදය උදෑසන 4:30ට පමණ අවසන් වී තිබෙනා අතර ඔවුන් ඉන්පසුව එම සමාජජාලාව අසල මාර්ගයේද රැඳී සිටිමින් දුම් පානය කරනා ආකාරය අසළ CCTV කැමරා වල සටහන්ව තිබෙනා බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරනවා.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණයෙන් කුසල් මෙන්ඩිස් බීමතින් නොසිටිය බවට වෛද්‍ය වාර්තාව වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම තනතුරක් හොබවනා පුද්ගලයෙකු බලපෑම් කරමින් සිටිනා බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button