BREAKING NEWSEXCLUSIVE

ප්‍රීමා ස්ටෙලා යෝගට් කා පාරේ දකුණෙන් යයි – කුසල් මෙන්ඩිස් ‘අයියාලාගේ’ අඩිපාරේ යන හැටි!

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තත්ත්වය ගැන කිව යුතු නැත. දිගින් දිගටම තරග පරාජය වෙමින් අහම්බෙන් මෙන් තරගයක් ජයග්‍රහණය කරයි. තවමත් ක්‍රිකට් තරග නරඹන රසිකයන් කාන්තාරයට ඇද වැටෙන වැස්සක් සේ අහම්බයෙන් ලබනා එම ජයග්‍රහණයෙන් සැහීමට පත්වේ.

එක් අතකින් ක්‍රිකට් ක්‍රීඩාවේ මූල්‍ය පරිපාලනය අල්ලාගෙන සිටිනුයේ මුදලාලිලා පිරිසකි. ක්‍රිකට් ආයතනය පාලනය කරන්නේ ‘බෝර්න් අගේන්’ නම් ආගමික නිකායකි. ක්‍රිකට් ආයතනයේ පුහුණුකරු ධූරයන්ගේ සිට සියලූම තනතුරු හිමිවන්නේද, ජාතික කන්ඩායමේ නිශ්චිත ස්ථාන හිමිවන්නේද එම ආගමික කල්ලියේ සාමාජිකයන්ට පමණකි.

අනෙක් පසින් මුදල් ඉපැයීමට පමණක් ක්‍රිකට් ක්‍රීඩා කරනා මෙරට වත්මන් ක්‍රීඩකයන් බහුතරය ඉන්දියානු බුකිකරුවන්ගේ අල්ලේය. ඒ මෙරට ක්‍රිකට් ආයතනයේද ආශිර්වාදයෙනි. ක්‍රීඩාව පිළිබඳ දන්නා පුද්ගලයන් සහ බහුතර රසිකයන් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කෙරෙහි කලකිරී ඇත. අන්ධ භක්තික සුලුතර රසික කණ්ඩායමක් පමණක් දැන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වටා රැඳි සිටිති.

වරක් ලෝක ශූර ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග කියූ ලෙසට ක්‍රිකට් ක්‍රීඩාවේ සාර්ථක වීමට අත්‍යවශ්‍යම සාධකය වන්නේ විනයයි. විනය පවති නම් තරග ජය ගැනීමට අවශ්‍ය කණ්ඩායම් හැගීම, දේශප්‍රේමීත්වය, හා පුහුණූව ඉබේම පැමිණේ. එනමුදු වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට නැත්තේද විනයයි.

පසුගියදා ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ යොවුන් ක්‍රීඩක ශෙහාන් මදුශංක කුඩු සමග අත්අඩංගුවට පත්වුනේය.

අද උදෑසන කුසල් මෙන්ඩිස් වැරදි මංතීරුවක අධික වේගයෙන් වාහනය පදවා රිය අනතුරක් සිදු කර අත්අඩංගුවට පත්ව තිබේ. වෛද්‍ය වාර්තාවේ සඳහන් වන පරිදි කුසල් මෙන්ඩිස් එම අවස්තාවේ සිට ඇත්තේ බීමතිනි.

පුදුම වීමට දෙයක් නැත. මේ වත්මන් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විනයයි.

මින්පෙර කණ්ඩායමේ නායකයා දිමුත් කරුණාරත්න රිය පදවා ත්‍රීරෝද රථයක් කුඩුපට්ටම් කළේය. කුසල් මෙන්ඩිස්ලා, ශෙහාන් මදුශංකලා නවකයන් වශයෙන් අනුගමනය කරන්නේ ජ්‍යේෂ්ඨයන් වීම නිසා මෙම ක්‍රියා ඉතා සාමාන්‍යයය.

කුසල් මෙන්ඩිස් ඇමෙරිකානු ප්‍රීමා සමාගමේ ස්ටෙලා යෝගට් වෙළඳ දැන්වීමේ පෙනි සිටියි. එයට ඔහු ආභාෂය ලබා ගත්තේ පිළිකා නිවාරණ පාගමන් යමින් පිළිකා කාරක ප්‍රීමා නූඩ්ල්ස් විකුණු ජ්‍යේෂ්ඨ සංගා, මහේලගෙන් විය හැකිය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක විවේකාගාරයට ව්‍යාපාර ගෙන ආවේ සංගා මහේල ජ්‍යේෂ්ඨයන් ලෙසය. කුසල් මෙන්ඩිස්ලා නොව හෙට දින කණ්ඩායමට පැමිණෙන යොවුන් ක්‍රීඩකයන් පවා අනුගමනය කරන්නේ සංගා, මහේල හා දිමුත්ලා ය. එම නිසා මෙම සිදුවීම් වල පුදුමයක් හෝ අරුමයක් නැත.

මේ හුදෙක් තනි සිදුවීමක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පෙන්වන කැඩපතක් පමණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button