BREAKING NEWSEXCLUSIVEPOLITICS

MCC ගිවිසුම ගැන සියළු සාකච්ඡා අවසන් අත්සන් නොකරන බව රජය දැනුම් දෙයි

යෝජනා වී ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම වත්මන් රජය විසින් කිසිසේත්ම අත්සන් නොකරන බවත් සාකච්ඡා වලින් ඉවත්ව ඇති බවත් රජයේ කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මෙම ගිවිසුම ආණ්ඩුකම ව්‍යවස්ථාවට හා රටේ නීති රීතිවලට ද පටහැනි බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටු වාර්තාවේ පවා සඳහන් ව ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.

ව්‍යවස්ථාවට හෝ නීති රීති පද්ධතියට පටහැනි කිසිම ගිවිසුමකට කිසිම පාර්ශවයක් සමඟ අත්සන් කිරීමට වත්මන් රජය කටයුතු නොකරන බව දැන් පැවසූ ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ඒ සම්බන්ධයෙන් රටට පැහැදිලි පොරොන්දුවක් දී ඇතැයිද කියා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button