BREAKING NEWSEXCLUSIVE

බීමතින් ඩිෆෙන්ඩරය පදවා මාරක අනතුරක් කළ ඇමති ඥාති පුතා රග්බි ක්‍රීඩක තරින්ද රත්වත්තේ

බීමතින් ඩිෆෙන්ඩර් රථයක් පදවා පසුගිය 11 දා කොළඹ හැව්ලොක් ඉන්ධන පිරවුම්හල අසල මාරක අනතුරක් සිදුකර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක් මරණය ට පත් කරන ලද දේශපාලන පවුලේ ඥාති පුත්‍රයා, මහනුවර රත්වත්තේ දේශපාලන පවුලේ අශාන් තරින්ද කටුගහ රත්වත්ත බව පොලිසිය කියයි.

දක්ෂ රගර් ක්‍රීඩකයෙක් වන තරින්ද රත්වත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කරන අතර, ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සහ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයෙකි.

අනුරුද්ධ රත්වත්තේ පවුලේ මුණුබුරකු වන අශාන් තරින්ද කටුගහ රත්වත්ත අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් යුතුව අධික වේගයෙන් ඩිෆෙන්ඩර් රථය පදවා තිබේ.

ජාතික රෝහලේ මුදල් කොල්ලයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම නිසා සමාජ කථිකාවට ලක්වූ රාජ්‍ය බුද්ධි සේවයේ සිතුම් දුලීක හේමාල් නැමති 22 හැවිරිදි නිලධාරියා මේ අනතුරින් මිය යන්නේ සිය යතුරු පැදිය පදවමින් සිටියදී ය.

ඔහු සමග අනතුරට පත්ව දෙපා බිඳී සිටින අනෙක් නිලධාරියා ජාතික රොි්හලේ මුදල් කොල්ලය කොටු කරමින් සිතුම් දුලීක හේමාල් සමග මෙහෙයුමට එක් වූ අනෙක් නිලධාරියා බව වාර්තා වේ.

සැකකාර තරින්ද රත්වත්තේ 15 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button