BREAKING NEWSEXCLUSIVE

පොලීසිය නිහඬඳ ? – ඇඳිරිනීතියත් නොතකා නුගේගොඩ ටියුෂන් ගුරෙකුගේ පොට් එකක ගංජා, මත් කුඩු ජාවාරම ඉහළින්ම

උපුල් ශාන්ත සන්නස්ගල නම් ටියුෂන් ගුරුවරයෙකුට අයත් නුගේගොඩ රෝයල් තැප්‍රෝබේනියම් නම් සමාජ ශාලාවක කලක පටන් නීතිවිරෝධි මත්ද්‍ර්‍රව්‍ය ජාවාරක් සිදුවන බව වාර්තා වේ.

රාජ්‍ය නොවන සංවිධානය වලට අයත් හා දේශපාලනික කල්ලි කණ්ඩායම් මුන ගැසීමට, සාකච්ඡා කිරීමට හා ප්‍රිය සම්භාෂණයන් සඳහා යොදා ගන්නා මෙම ස්ථානය තුල ගංජා, මත්කුඩු, මත්පෙති ආදි තහනම් මත්ද්‍රව්‍ය ගබඩා කිරීම සහ භාවිතා කිරීම අධික ලෙස සිදුවන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් පොලීසිය හෝ වෙනත් වගකිව යුතු අංශ කිසිවෙකුගේ අවදානය මෙම ස්ථානයට යොමුව නොතිබෙන අතර, මෙම ශාලාව හිමි උපුල් ශාන්ත සන්නස්ගල සතුව පවතින සම්බන්ධතා එයට හේතුවී තිබෙන බවත් වාර්තා වේ.

මෙරට දේශපාලනික සහ සමාජීය වශයෙන් නිරාගමික, විවිධ NGOz සංවිධාන වලට අයත් කල්ලි කණ්ඩායම් වල ප්‍රමුඛ තිත්පොලක් බවට මෙම ශාලාව පත්ව තිබෙනා අතර කොරෝනා වසංගතය පැතීරීමට පෙර මෙම ස්ථානයේ එම කණ්ඩායම් දිනපතා විවිධ උත්සව පවත්වා තිබෙනා අතර එහිදී ගංජා, මත්කුඩු, මත්පෙති ගබඩා කිරීම, හුවමාරු කිරීම සහ භාවිතය අධිකව සිදුවේ.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවූ පසුත් මෙම ශාලාවේ පිරිස් රැස් වී ගංජා ඇතුලු මෙරට නීතිවිරෝධි මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඉහළින්ම සිදුවෙමින් පවතී.

උපුල් ශාන්ත සන්නස්ගල සැලකෙන්නේ ගංජා පානයට දැඩිව ලොල් වූවෙකු ලෙසයි. ඔහු ප්‍රසිද්ධ මාධ්‍යයේ පවා ගංජා ප්‍රවර්ධනය කළ තැනැත්තෙකු ලෙසයි.

කෙසේ වෙතත් රටේ නීතියට වැලි ගසා, රටේ තරුණ පරපුරට නීතිවිරෝධි මත්ද්‍රව්‍ය හුරු කරන සහ බෙදා හරින සහ රටේ නීතිය අමු අමුවේ කඩ කරමින් ගංජා, මත්කුඩු, මත්පෙති ගබඩා කර තිබෙනා මෙම තිත්පොළට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ වගකීම බව Lanka Mag හැඟීමයි.

රෝයල් තැප්‍රෝබේනියම් සමාජ ශාලාව

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button