BREAKING NEWSEXCLUSIVE

ප්‍රදේශ කිහිපයකට තද සුළං – ඇල්පිටියේ නිවාස 32 කට තද සුළගකින් හානි

ඇල්පිටිය උතුර ග‍්‍රාම නිලධාරී වසමට අයත් කැටපල ජනපදයේ නිවාස 32 කට තද සුළගකින් හානි සිදුව තිබෙනවා.

ගනේගොඩ මහා විද්‍යාලයට ද තද සුළගින් හානි සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගස් කඩාවැටීම් හේතුවෙන් එම ප‍්‍රදේශයේ විදුලි සැපයුම ද බිඳවැටී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් හානියට පත්වූ ප‍්‍රදේශයේ නිරීක්ෂණයක ද නිරත වුනු බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button