BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 445 දක්වා ඉහලට.

ගතවූ පැය 24 දී තවත් 63 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට තුල සුවය ලැබූ කොරොනා ආසාධිතයින් ගනන 455 දක්වා ඉහල ගියා.ඒ අනුව 44 දෙනෙකු නාවික රෝහලින්ද ,05 දෙනෙකු හෝමාගම මූලික රෝහලින්ද , 03 දෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, 04 දෙනෙකු අයි ඩී එච් රෝහලින්ද , 05 දෙනෙකු වැලිකන්ද රෝහලින්ද, 02 දෙනෙකු ඉරණවිල රෝහලින්ද පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර තිබෙනවා.ඒ අනුව සුවය ලැබූ මුළු ගනන 445ක් දක්වා ඉහල යන අතර එය මුළු කොරෝනා ආසාධිතයින් සංඛාවෙන් 48.6%ක ප්‍රතිශතයක්.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවූ මුලු COVID-19 ආසාධිතයන් ගණන 915 ක් වන අතර, ඉන් 461 දෙනෙකු එනම් මුළු සංඛාවෙන් 50.3%ක ප්‍රතිශතයක් තවමත් මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඉන් 193 දෙනෙකු නාවික රෝහලේද, 111 දෙනකු අයි ඩී එච් රෝහලේද, 78 දෙනෙකු මුල්ලේරියාව මූලික රෝහලේද , 32 දෙනෙකු වැලිකන්ද රෝහලේද, 01 අයෙකු කාත්තන්කුඩිය රෝහලේද, 39 දෙනෙකු හෝමාගම මූලික රෝහලේද , 06 දෙනෙකු ඉරණවිල රෝහලේද ප්‍රතිකාර ලබනවා.

මේ වනවිට මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 105 ක්.මෙරට ආසාධිතයන් 915 දෙනාගෙන් 514 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් වන අතර,ඉන් 480 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් හා 34 දෙනෙකු ඔවුන්ගේ සමීපතමයන් වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button