BREAKING NEWSEXCLUSIVE

කොරෝනා මැඩීමට දේශීය හෙළ වෙදකම ඉතා වැදගත් – විද්‍යාඥ අනුර සේනාරත්න හෙළි කරයි!

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය කිරීමේදී දේශීය වෛද්‍ය ක‍්‍රම කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව විද්‍යාඥ අනුර සේනාරත්න පවසනවා.

විද්‍යාඥ අනුර සේනාරත්න යන මාරාන්ති ඒඞ්ස් රෝගය සදහා ඖෂධයක් සොයාගත් වෛද්‍ය කණ්ඩායමේ සිටි ප‍්‍රධානතම සාමාජිකයෙක්. ඔහු සදහන් කළේ කොරෝනා වෛරසයෙන් බේරීමේදි ශරීරයේ ප‍්‍රතිශක්තීකරණය අතිශය වැදගත් බවයි.

ඒ සදහා හෙළ වෙදකම තුළ ඕනෑ තරම් ක‍්‍රම ඇති බව විද්‍යාඥ අනුර සේනාරත්න කියාසිටියා.

කොරෝනා රෝගයෙන් බේරීම සදහා ඕනෑ තරම් අවස්ථා ශී‍්‍ර ලංකාව සතුව ඇති බව විද්‍යාඥ අනුර සේනාරත්න වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර ආයුර්වේද වෛද්‍යවරුන්, දේශීය වෛද්‍යවරුන්, හෝමියෝපති වෛද්‍යවරුන් ඇතුළු 50 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් කොවිඞ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී ඉකුත්දා විශේෂ සාකච්ජාවක් පවත්වා තිබුණා.

යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ දේශීය වෛද්‍ය ක‍්‍රම උපයෝගී කර ගනිමින් කොරෝනා වෛරසය මර්ධනය කිරිම සම්බන්ධයෙන් එහිදී සාකච්ජා කළ බවයි.

මේ වන විට එම වෛද්‍යවරුන් ඇතැම් වෛද්‍ය ක‍්‍රම අත්හදා බලමින් සිටින බවත් ඒ සියල්ල සම්බන්ධයෙන් කටයුතු කරන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය මර්දනය සදහා විවිධ ඖෂධ වර්ග පිළිබද මේ වනවිටත් අදහස් පළ වී තිබුණද මෙම වෛරසයට නිශ්චිත බෙහෙතක් මෙතෙක් සොයාගෙන නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button