BREAKING NEWSCOVID19 - UPDATES

මාස 4ක බිළිඳෙක් ඇතුළු එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා වැළඳේ

මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා රෝගියා අද 30 පෙරවරුවේ හලාවත නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වනවා.

නාත්තන්ඩියේ පදිංචි මේ දරුවාගේ වයස මාස හතරක් වන අතර මොහුට කොරෝනා වැලදී ඇත්තේ සීයාගෙන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ දරුවාගේ සියා ඉන්දියාවේ සංචාරයක නිරතව පැමිණ කොරෝනා රෝග ලක්ෂණ සගවා ගෙන සිට ඇති බව මේ වන විට වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

මේ දරුවාගේ සිය පසුගිය 28 වැනි දින කොළඹ උණ රෝහලට ඇතුලත් කල අතර ආච්චි ඊයේ රාත්‍රියේ 29 කොළඹ උණ රෝහල වෙත යැවීමට හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවආරච්චි විසින් පියවර ගන්නා තිබුණා.

මේ වන විට මේ පවුලේ සාමජිකයන් හයදෙනෙකු උණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් පස්දෙනෙකුට කොරෝනා වෛරසය ශරීර ගත වී ඇති බවයි වාර්තා වන්නේ .

මේ පවුලේ ප්‍රධානියා ඉන්දියාවේ සංචාරය කර මෙරටට පැමිණීමෙන් අනතුරුව පවුල් දෙසීයක් සදහා වියලි අහාර බෙදා දී ඇති අතර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සව දෙකකටද සහභාගී වී ඇති බව වාර්තා වනවා.

මේ පුද්ගලයා ලගින් ඇසුරු කල පුද්ගලයන් සියලු දෙනා මේ වන විට නිරෝධායනය සදහා යොමු කර ඇති බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පවසන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button