BREAKING NEWSEXCLUSIVE

මේ මොහොතේ සිට ඇඳිරි නීතිය අකුරටම,ආරක්ෂක අංශ වලට සියළු බලතල

දැනට රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දී තිබෙනවා.ඒ අතරම රෙගුලාසි තදින්ම ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සහ පොලිස් මූලස්ථානය මගින් නිවේදන දෙකක්  නිකුත් කළා.

ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන සලසා ඇතිි බව  හා ඇඳිරි නීති කාලය තුළ කිසිවකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතුය.කාර්ය සාධක බලකාය විසින් අවසර දී ඇති ඩිලිවරි වාහන පමණක් මාර්ග වල ධාවනය කිරීමට පිළිවන. අන් කිසිඳු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත්  සදහන්.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button