BREAKING NEWSEXCLUSIVE

“මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ – නොපලදින ජනතාවට හිංසා කිරීම තහනම්” – සෞඛ්‍ය ප‍්‍රධානියාගෙන් පොලීසියට අවවාද!

මෙරට මහජනතාව මුඛ ආවරණ භාවිතා නොකරන්නේ නම් එය වරදක් සේ සලකමින් ඔවුනට හිරිහැර නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොලිසියට දැනුම්දී ඇත.

පසුගිය දින කිහිපයේම මෙරට ජනතාවට ඇතැම් පොලිස් නිළධාරීන් විසින් හිරිහැර කරන දර්ශන මාධ්‍යයන්ගේ පළවිය. ඒ කිසිඳු නීතිමය ප්‍රතිපාදනයක් හෝ මුඛ ආවරණ අත්‍යවශ්‍ය යැයි සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයක් නොමැතිවය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.

දැනට මෙරට තුළ මුඛ ආවරණ පැළඳිය යුතු යැයි නිර්දේශ කරන්නේ රෝගීන් යැයි සැක කරන පුද්ගලයන්, ඔවුන් සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයන්, රෝගීන් රැක බලා ගන්නා සෞඛ්‍ය සේවකයින්, ශ්වසන රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් රෝහලට යාමේදී පමණක් යයිද ලිපියේ දැක්වෙයි.

සාමාන්‍ය පුද්ගලයන් එදිනෙදා කටයුතු කිරීමේදී මුඛ ආවරණ භාවිතයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ දක්වා නිර්දේශ කර නැති බවත් සාමාන්‍ය ජනතාව මෙන්ම මුඛ ආවරණ භාවිතය කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බවත් ඔහු තවදුරටත් ලිපියෙන් කියා සිටී.

අදාල ලිපිය මෙහි දැක්වෙයි,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button