BREAKING NEWSEXCLUSIVE

කොරෝනා රෝගියෙක් නිසා අනුරාධපුර බන්ධනාගාරය ඇවිලෙයි,එක් අයෙක් මරුට කිහිප දෙනෙකුට තුවාල.

අනුරාධපුර බන්ධනාගාරය තුල මීට සුළු මොහොතකට පෙර ගැටුමක් ඇති වී තිබෙනවා.

ඒ එහි සිරකරුවන් කලබලයක් ඇතිකර බන්ධනාගාරයෙන් පැනයාමට උත්සහ දැරීමත් සමගයි.

එයට හේතුව වූයේ කොරෝනා වෛරස් තර්ජනය තිබෙන නිසා සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා අනුරාධපුර සිරකරුවන් බන්ධනාගාරය තුල කලහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවක් දියත් කිරිම හේතුවෙන්.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ සඳහන් කළේ බන්ධනාගාරය තුළින් කොරෝනා රෝගියෙකු හමුවීම සහ ඔහුව නිරෝධායනයට යොමු කිරීම හේතුවෙන් මෙම තත්වය උත්ගත ව ඇති අතර, තත්වය පාලනය කිරීමට කදුළු ගෑස් පවා පාවිච්ච කිරීමට සිදුවූ බවයි.

තත්වය පාලනය කිරීමට අපහසු වූ නිසා විශේෂ කාර්ය බලකාය කැදවීමෙන් පසු වෙඩි තැබීමක් සිදු වූ අතර එහිදී එක් අයෙක් මිය ගිය අතර තවත් කිහිප තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මේ වන විට පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව තත්වය සමථයකට පත් කරමින් සිටින බවයි එහි සිටින වාර්තාකරුවන් කියා සිටින්නේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button