BREAKING NEWSEXCLUSIVE

ශ්‍රිලන්කන් ගුවන් සමාගමේ මෙවර අලාභය රු.මි 23400ක්!

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම වසරේදී(2020) ඇමරිකානු ඩොලර් මිලියන 130ක (රුපියල් මිලියන 23400) අලාභයක් ලබෙනු ඇතැයි එහි සභාපති අශෝක පතිරගේ අනාවරණය කර ඇත.

ඔහු මෙම අනාවරණය සිදුකර ඇත්තේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට පසුගියදා ගුවන් සේවයේ ප්‍රධානීන් කැඳවූ අවස්ථාවේදීය.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්ගේ මෙම අනාවරණයට අනුව 2020 මාර්තු මාසයෙන් අවසන් වන වසරක කාලය ඇතුළත මෙම ඩොලර් මිලියන 130ක අලාභය අපේක්ෂිතය.

එම අලාභයන් ඇතුළත්ව මේ වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය පූර්ණ රාජ්‍ය අයිතිය සහ කළමනාකරණය යටතේ ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 232 දක්වා ඉහළ යනු ඇත.

මෙම ණය බර අඩුකර ගැනීම සඳහා වහාම ගුවන් සේවයට ඩොලර් මිලියන 300ක ප්‍රාග්ධනයක් එන්නත් කළ යුතුව ඇතැයිද ආයතන ප්‍රධානීහු කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් පසුගිය වසරේදී සමාගමට දැඩි බලපෑම් එල්ලවී ඇති බවත් මෙම වසර ආරම්භයේදී කෝවිඩ් -19 වෛරසය හේතුවෙන් තවදුරටත් ආයතනය අර්බුදයට ලක්ව ඇති බවත් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ වී තිබේ.

කෙසේ වෙතත් 2021 වර්ෂයේදී ගුවන් සමාගම සිය පාඩුව ඩොලර් මිලියන 30 දක්වා අඩුකර ගැනීමට සැලසුම් කර ඇති බවද ආයතන නව ප්‍රධානීන් සිය සැලසුම් ඉදිරිපත් කරමින් කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button