BREAKING NEWSPOLITICS

ඉදිරියේදී පළමු පාසල් වාරය තුළ, රජයේ සියලු පාසල්වල පළමු වාර විභාගය නොපැවැත්වීමට තීරණය කෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශය

ලබන වසරේ සිට පාසල්වල පළමු වාරයේ විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම අමාත්‍යාංශය නිවේදනය කළේ නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන සහ මහා ක්‍රිකට් තරග ඇතුලු විවිධ උත්සව සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම්වලට මුල්තැන ලබාදීමේ අරමුණින් මෙම තීරණයට එළඹි බවයි.

කෙසේ වෙතත් මේ වසරේ පළමු පාසල් වාරයේ විභාග පැවැත්වීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු යොදා ඇති බැවින් එහි වෙනසක් සිදු නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button