BREAKING NEWSEXCLUSIVE

“කැබිනට් පත්‍රීකා අකුරක් නෑර කියවන එකම ජනපති ගෝඨාභයයි” අගමැති මහින්ද ජනපති ගෝඨාට දුන් සහතිකය!

අගමැති මහින්ද රාජපක්ෂ මහතා, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපයන් පිළිබඳ දැඩි ප්‍රශංසාත්මකව අදහස් දැක්වූවා. ඒ පසුගියදා උත්සව සභාවක් අමතමිනි.

එහිදි අගමැතිවරයා පැවසූවේ විවිධ ආකාරයේ විවෘත කිරීම් සදහා තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරයුම් කලද ඒ කිසිවක නම සඳහන් නොකරන්නැයි ඔහු දැනුම් දී ඇති බවය.

ඒ හේතුවෙන් තමන් එම නාමපුවරුවන්ගේ ‘හත්වැනි විධායක ජනාධිපති’ ලෙස සඳහන් කරන්නැයි උපදෙස් දුන් බවද අගමැතිවරයා පැවසූවා.

කෙසේ වෙතත් තමන්ගේ නම එම සමරු ඵලකයන්ගේ සඳහන් කරන්නැයි තමන් උපදෙස් දුන් බවද, එසේ නොමැති නම් එම සංවර්ධන ව්‍යාපෘතියන් වෙනත් පුද්ගලයන්ගේ යැයි සිතිය හැකි බවද අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේ සභාව සිනා සයුරේ ගිල්වමිනි.

ජනාධිපතිවරයා සියලූම කැබිනට් අකුරක් නෑර ඔහු විසින්ම කියවා බලන බවත්, එවැන්නක් සිදු කරන පළමු හා එකම ජනපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත්, තමන් ජනාධිපතිව සිටියදීද එවැන්නක් සිදු කලේ නැති බවත් අගමැතිවරයා එහිදී පවසා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button