BREAKING NEWSEXCLUSIVE

පැය තුනකට අඩු කාලයකින් කොළඹින් හම්බන්තොටට – අධිවේගී බස් සේවාව අද සිට ඇරැඹෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස ඊයේ (23) විවෘත වුනා. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අනුව අධිවේගී මාර්ගය ඔස්සේ හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා වන බස් සේවාව අද (24 වැනිදා) සිට ක‍්‍රියාත්මක වනවා.

ඒ අනුව පළමු අදියර යටතේ සුඛෝපභෝගී ලංගම බස් රථ 10 ක් යෙදවීමට සැලසුම් කර තිබේ.

අධිවේගී මාර්ගය ඔස්සේ හම්බන්තොට සිට කොළඹ කොටුව දක්වා බස් රථ ගාස්තුව රුපියල් 880 කි.

තංගල්ලේ සිට කොළඹ කොටුව දක්වා ගාස්තුව රුපියල් 680 ක්ද, හම්බන්තොට සිට මාකුඹුර දක්වා බස් ගාස්තුව රුපියල් 810 ක්ද වේ. \

තංගල්ල සිට අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර මාකුඹුර දක්වා වන බස් ගාස්තුව රුපියල් 610 කි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button