BREAKING NEWSEXCLUSIVE

කෝටි දෙකක ලොතරැයියක් දිනා, පාප මිතුරු ඇසුරින් මුලු මුදලෙන්ම කුඩු ගැසූ කම්කරුවෙක් සිරගෙට

රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුත් ලොතරැයි ජයග්‍රහණයක් ලැබූ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට මාර්තු මස 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මහ නුවර නගර සභාවේ කම්කරුවෙක් ලෙස සේවය කරනු ලබන මෙම පුද්ගලයාට මිට සති කිහිපයකට පෙර දිනුම් අදින ලද ලොතරැයියකින් එහි පළමු ත්‍යාගය වූ රුපියල් මිලියන 22.9 ක මුදලක් දිනා ගැනීමට වාසනාව හිමිවිය.

නීති රෙගුලාසි අනුව එම දිනුම් මුදලින් රුපියල් ලක්ෂ හතරක් ජනාධිපති අරමුදලට බැර කොට ඉතිරි මුදල වූ රුපියල් මිලියන 22.5ක මුදල ලබා ගැනීමට ඔහු මිට සති දෙකකට පමණ ඉහතදී කටයුතු කරනු ලැබුවා.

නොසිතු මුදලක් අතට ලැබීමත් සමග ඔහු වටා එක්වූ යහළුවන් හෙරොයින් මත්ද්‍රව්‍යට ඔහුව හුරු කරවුයේ ඉතා කෙටි කලක් තුලදීය.

මත්ද්‍රව්‍ය වැටලීමක නිරත කටුගස්තොට පොලිසිය සිය මෙහෙයුම් අතර වාරයේදී මෙම හෙරොයින් ග්‍රෑම් 1.6ක් සමග මෙම කෝටිපතියා සහ ඔහුගේ යහළුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්ඩංගුවට ගනු ලැබූ ලොතරැයි ජයග්‍රාහකයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා අධිකරණයහමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු මස 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button