BREAKING NEWSEXCLUSIVE

ව්‍යාජ ආයුර්වේද ඖෂධ වට්ටෝරු ෆේස්බුක් වෙබ් අඩවියට එක්කරන්නන් අත්අඩංගුවට ගැනීමට යයි

ව්‍යාජ ආයුර්වේද ඖෂධ වට්ටෝරු සමාජජාලා වෙබ් අඩවියන්ට එක්කරන්නන් සොයා අත්අඩංගුවට ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවදානය යොමුව තිබේ.

‘‘ගජ මදාරා” ශාකය සිරුර වර්ධනයට සහ ස්නායු වර්ධනයට ගුණ යැයි කියා පානය කළ පුද්ගලයෙකු මිය යාමත් සමග මෙම පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සම්බන්ධයෙන් මෙලෙසට යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

ගම්පහ මහ රෝහලට ක්ලාන්තය සැදී තිස්හය හැවිරිදි විවාහක පුද්ගලයකු ගිය සතියේ ඇතුළත් කෙරුණ අතර මේ රෝගියාගේ රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඔහුට වසක් විසක් ශරීර ගතවී ඇති බවයි.

ඒ නිසාම හැකි ඉක්මනින් ඔහුව දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට ඔවුන් තීරණය කළ අතර දවස් හයක් දැඩි සත්කාර ඒකකයේ සිටි ඔහු පසුගිය තුන් වැනිදා අලුයම මියගියා.

ඔහුගේ හදිසි මරණ පරීක්ෂණයේදී රෝගියාගේ මව කීවේ තමන්ගේ පුතු ශරීර ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා විවිධ කොළ වර්ගවල යුෂ පානය කරන බවයි.

මරණ පරීක්ෂණයේදී හෙළිවූ ආකාරයට මෙම තරුණයා ‘‘සිරුර වර්ධනයට සහ ස්නායු වර්ධනයට ගුණ යැයි” මුහුණු පොතේ දමා තිබු පෝස්ටුවක් දැක කොළ වර්ගයක් කොටා පානය කර තිබෙනවා.

ශාකයේ නම වූයේ ‘‘ගජ මදාරා”යි.

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාපති, ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා මහතා පවසන්නේ මෙම ශාකය බහුලව දකින්නට ලැබෙන්නේ දකුණු ඉන්දියාවේ බවයි.

‘‘ගජ මදාරා කියලා කියන්නේ ඖෂධීය ගුණයෙන් යුතු ශාකයක්. ඒවගේම, මේ ශාකයේ මුලේ සිට අතු, මල් සහ ගෙඩි සියල්ලම අධික විස සහිත බවින් යුක්තයි. ඒ නිසා මෙය ඖෂධයක් වශයෙන් ලබා ගන්නේත් තෙල් බෙහෙත් වලට විතරයි. කිසියම් අවස්ථාවක සර්පයකු දෂ්ට කළ විට විසෙන් විස නැසීමට බාහිර ආලේපයක් ලෙසත් භාවිතා කරනවා. නමුත්, ගජ මදාරා හෝ ඕනෑම මදාරා ශාකයක පත්‍රයක් හෝ දෙකක් ආහාරයට ගත් විට අනිවාර්යයෙන්ම දැඩි සේ රෝගී වී මරණයට පත් වෙන්නත් පුළුවන්.

ගජ මදාරාවල වෙනස් ප්‍රතිඵල තියෙනවා කියලා බොහෝ පුද්ගලයෝ මේවා විකුණනවා මම දැකලා තියනවා. ඔවුන් තමයි සමාජ මාධ්‍ය යොදා ගෙන හොර ආයුර්වේද වෛද්‍යවරු විදිහට පෙනී ඉඳලා මිනිස්සුන්ව රවට්ටන්නේ. ගුණයක් නැති ශාක ගුණයි කියනවා. විස ශාක විස නැහැයි කියනවා. අන්තිමට වෙන්නේ අසරණ මිනිස්සු මේවා බීලා මැරිලා යන එකයි ”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button