BREAKING NEWSEXCLUSIVE

පෞද්ගලික බලාගාර හිමියන්ගෙන් පගාව ගෙන විදුලි ඉංජිනේරුවන් කුමන්ත්‍රණයක – නැති අර්බුධයක් පෙන්වා විදුලිය කපයි

මෙරට විදුලි අර්බුධයක් ඇතිවන සෑම අවස්ථාවකම රජය විදුලිය මිලට ලබා ගන්නේ පුද්ගලික බලාගාර වලින්. රුපියල් බිලියන දහස් ගණන් විශාල මෙම ගණුදෙනු සිදු කිරීමේදි හැරි ජයවර්ධන ආදි ශ්‍රී ලංකාවේ ධනවත්ම විදුලි බලාගාර හිමියන් රජයේ අමාත්‍යවරුන්ගේ සිට විදුලි බල මණ්ඩලයේ ඉහළ නිළධාරීන් දක්වා කෝටි ගණනින් අල්ලස් ලබා දේ.

පසුගිය දිනවල ඛණිජ තෙල් හිගයක් පෙන්වා විදුලි කප්පාදුවක් සිදු කිරීමට විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවන් තීරණය කර ඇත්තේ මෙලෙසට සිදුවූ කුමන්ත්‍රණයක් අනුව බව හෙළිවෙමින් තිබේ.

එනම් පුද්ගලික බලාගාර හිමියන්ගෙන් අල්ලස් ලබා ගෙන, නොමැති විදුලි අර්බුධයක් මවා පෙන්වා හදිසි මිලට ගැනීම් ලෙසට පුද්ගලික බලාගාර වලින් විදුලිය මිලට ගැනීම සැලසුම වී තිබුනි. මේ සඳහා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන විදුලි ඉංජිනේරුවන් කිහිපදෙනෙකුට පෞද්ගලික විදුලි බලාගාර හිමියන් කිහිප දෙනෙක් එක්වී අල්ලස් ලබා දී තිබෙන බවත් මේ වනවිට හෙළිව තිබේ.

මෙම තත්වය දුරදිග ගොස් මේ වනවිට විදුලි ඉංජිනේරුවන් විසින් නඩත්තු කටයුත්තක් යැයි කියමින් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමද නවතා තිබෙන බවද වාර්තා වේ.

එමගින් විදුලි ඉංජිනේරුවන් විසින් මෙගා වොට් 300ක් ජාතික විදුලි ජනන පද්ධතියෙන් ඉවත් කිරීමටද කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර තිබේ. මෙය පැහැදිලිව විදුලි අර්බුධයක් මවා පුද්ගලික විදුලි බලාගාර වලින් විදුලිය මිලට ගැනීමේ සැලසුමකි.

මේ වනවිටත් මෙගාවොට් 300 ක පමණ විදුලි ධාරිතාවක් පෞද්ගලික අංශයෙන් කෙටිකාලීන පදනම මත මිලට ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

පසුගිය වසර කිහිපය පුරාවටම මෙම කුමන්ත්‍රණය දියත් කරමින් මෙරට මහා භාණ්ඩාගාරයේ මුදල් බිලියන ගණනක් හදිසි විදුලි මිලට ගැනීම් සඳහා යොදවා තිබේ. අනුමත දිගුකාලීන සැලැස්මට අනුව ඉදිකළ යුතු අවම පිරිවැය විදුලිබලාගාර ඉදිකිරීමද විදුලි ඉංජිනේරුවන් සහ පසුගිය රජයේ බලධාරීන් විසින් 2015 වසරේ සිට නවතා දමා ඇත්තේද පුද්ගලික විදුලි බලාගාර හිමිකරුවන්ගේ බලපෑම හේතුවෙන් බවත් කියවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button