BREAKING NEWSEXCLUSIVE

“හිරුණිකා පවුල කඩන්න ඕන වුනේ නෑ, මට සමාවෙන්න” රංජන් හිරුණිකාගෙන් සමාව ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ඊයේ දින හිරුණිකා පේමචන්ද්‍ර මන්ත්‍රීවරියගෙන් සමාව ඉල්ලා සිටියා. ඒ සමාජජාලා මාධ්‍යයන්ට නිකුත්ව තිබෙනා රංජන් – හිරුණිකා හඬපට සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

එහිදී තමන් සහ මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර සිදු වූ දුරකථන සංවාද පටිගත කරන ලද්දේ ප්‍රසිද්ධ කිරීමට නොවන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

නමුත් ඒවා ප්‍රසිද්ධ වීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය. මෙම හඬපට හේතුවෙන් කිසිවකුගේ පවුල් ජීවිත අවුල් වන්නේ නම් ඒ ගැන තමන් කණගාටු වන බවද ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය කියා සිටින්නේ එම හඬපටවලට පිටතින් කිසිවෙකු හෝ හඬ කවා ඇති බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button