BREAKING NEWSPOLITICS

රාජිත සේනාරත්නට මහාධිකරණයෙන් නොතීසි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධිත අයදුම්පත මේ මස 17 වන දා සලකා බැලීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එදිනට දැනට ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත්තේ.

ඔහුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදෙන ලද ඇප නියෝගය නීතියට පටහැනි බව පවසමිනුයි නීතිපතිවරයා මෙම ප්‍රතිශෝධිත අයදුම්පත ගොනුකර තිබුණේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පසුගිය දෙසැම්බර් මස 27 වනදා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළවයි.

පසුගිය 30 වන දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසින් ඇප නියම කරනු ලැබූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා තවදුරටත් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ රැඳී සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button