BREAKING NEWSEXCLUSIVE

කඳුලු ගෑස් කන්න ආපු සරසවි සිසුන්ට ජනපති කාර්යාලයෙන් කේක් කවා යවයි – සිසුන් එවූ පුබුදු ජාගොඩ කෝපයෙන්

මෙරට රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණ යැයි කියමින් සිසුන් පිරිසක් කොළඹ මාර්ග අවහිර කිරීම සාමාන්‍යයෙන් මසකට වරක් හෝ සිදු වන්නකි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙහෙය වීම මත එම පක්ෂයට සම්බන්ධ සිසුන් දහයක්, පහළොවක පමණ සිසුන් පළමු වසරේ නවක සිසුන් බිය වද්දා බලහත්කාරයෙන් මෙලෙසට උද්ඝෝෂණ සඳහා කොළඹට සිසුන් ගෙන ඒම සිදු කරයි.

මෙහිදී ඔවුන්ගේ අරමුණ කොළඹ මාර්ග අවහිර කොට ජනතාව පීඩා කොට ඉන් රජය අපහසුතාවයට පත් කිරීමයි. සටන් පාඨ නොමැති විට ව්‍යාජ සටන් පාඨ සාදා ගෙන හෝ මෙලෙසට කොළඹ මාර්ග අවහිර කිරීම ඔවුන් සිදු කරයි.

මෙය සම්පූර්ණයෙන්ම පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් සිදු කරනා ක්‍රියාවක් වන අතර එම පක්ෂයේ පුබුදු ජාගොඩ විසින් මෙම ක්‍රියාවලිය මෙහෙයවයි.

ජනපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලීමට යැයි කියා පෙරදැනුම් දීමකින් තොරව ජනපති ලේකම් කාර්යාලයට කඩා පැනීමට උත්සාහ කර ඉන්පසුව කඳුලු ගෑස් සහ බැට්න් ප්‍රහාරයක් සිසුන්ට එල්ල කරවාගෙන ඉන් පවතින රජය අපහසූතාවයට පත් කිරීම පුබුදු ජාගොඩ ඇතුලු පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අරමුණයි.

මෙලෙසට නව රජය සහ ජනපතිවරයා අපහසුතාවයට පත් කිරීම උදෙසා සැලසුම් කළ පළමු විරෝධතා උද්ඝෝෂණය ඊයේ දින පෙරටුගාමි සමාජවාදි පක්ෂය විසින් සරසවි සිසුන් යොදවා සිදු කළා.

නමුත් එහිදී සිදුවූයේ පුබුදු ජාගොඩ, පෙරටුගාමි සමාජවාදි පක්ෂය හෝ සහභාගී වූ සිසුන් හෝ කිසිවෙකුත් අපේක්ෂා නොකළ ක්‍රියාවක්. එනම් ජනපතිවරයාගේ උපදෙස් මත සිසුන්ගේ නියෝජිතයන්ට ජනපති අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡා කිරීම‍යි.

එහිදී සිසුන්ගේ නියෝජිතයන් පිරිසක් ජනපති අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡා කළ අතර එහිදි සිසු නියෝජිතයන්ට තමන්ගේ ගැටලු පිළිබඳ හෝ නිසි අවබෝධයක් නොතිබුනු බව පැහැදිලි විය.

අවසානයේ සිසු නියෝජිතයන්ට ජනපති ලේකම් කාර්යාලයෙන් තේ පැන් සංග්‍රහයක් ලබා දී පිටත් කළ අතර අනතුරුව සිසුන් සාමකාමීව විසිර ගියේය.

සිසුන් ගැටුමක් ඇති කර නොගැනීම හෝ මාර්ග අවහිර නොකර සාකච්ඡා කළ සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කෝපයට පත්ව තිබෙනා පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ පුබුදු ජාගොඩ හා ශිෂ්‍ය ව්‍යාපාරය මෙහෙයවන විදර්ශන කන්නංගර සිසු නායකයන්ට දැඩි ලෙස බැන වැදී තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button