BREAKING NEWSEXCLUSIVE

පියුමි හංසමාලි, ටීනා ශනෙල්, ශානි, ප්‍රියාන් මැණික් සියල්ලම අපරාධ කොට්ඨාසයට ගෙන්වීමට තීරණයක්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක සතුව තිබී සොයාගත් රහසිගත හඬපට සම්බන්ධයෙන්, එම හඬපටයන්ට අදාළ පාර්ශ්වයන් පිළිබඳවත් පරීක්ෂණ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට රංජන් රාමනායක විසින් පටිගත කර, දෘඩ තැටි වල ගබඩා කොට තිබූ හඬපට සම්බන්ධයෙන් වෙනම විමර්ෂණ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර තිබේ.

මෙම හඬපට සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂකවරයා ලබා දෙන වාර්තාවෙන් පසුව එම සංවාදවලට සම්බන්ධවූවන්ගෙන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම හඬපටයන්ට අදාල අධිකරණ මහේස්ත‍්‍රාත්වරුන්,රංගන ශිල්පිනියන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු රැසකගෙන් මෙහිදී ප්‍රශ්න කරනු ඇති බවත් වාර්තා වේ.

පියුමි හංසමාලි, ටීනා ශනෙල් ඇතුළු නිරූපණ ශිල්පිනියන් සමග කරන ලද දුරකථන සංවාදවලදීද වැඩිදුර විමර්ශනය කළ යුතු, අපරාධයන්ට සම්බන්ධ කරුණු ඇති බව පොලිසීය අනාවරණය කරගෙන තිබෙන බවද සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button