BREAKING NEWSEXCLUSIVE

රංජන්ගේ නිවසින් හමුවූ හොර බඩු අතර අධිකරණ විනිසුරුවන්ට,පොලිස් ලොක්කන්ට තර්ජනය කළ හඬ පට

පොලිස් අත්අඩංගුවට පත්වී ඇප මත මුදා හැරුනු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිවසින් දුරකතන ඇමතුම් වල හඬපට අඩංගු දෘඩ තැටි කිහිපයක් හමුවී තිබේ.

ඒ රංජන් රාමනායක මන්ත්‍රීවරයා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ සමයේ මෙරට අධිකරණ විනිසුරුවන්ට හා පොලිස් ප්‍රධානීන්ට දුරකතනයෙන් අමතා ලබා දුන් උපදෙස් හා තර්ජනය කිරීම්ද මෙම හඬපටයන්ගේ අඩංගු වන බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කිසියම් මැදිහත්වීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවය.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වේ.

එසේම අදාළ විමර්ශන කටයුතු වලදි ශ්‍රී ලංකා ආණ්ඩුව කෙරෙහි අනාදර හැඟීම් ඇවිස්සීම හෝ යුක්තිය පසිඳලීම කෙරෙහි වෛරය හෝ අපහාසය අවුස්සන ආකාරයෙන් සිදු කිරීම සඳහා එම රජයේ නිලධරයන් සමග කුමන්ත්‍රණය කිරීම හෝ ඒ සඳහා අනුබලදීම සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය සඳහන් කරනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button