BREAKING NEWSEXCLUSIVE

Y12 ගුවන් හමුදා විරුවන් සිවිල් වැසියන්ගේ ජීවිත බේරා සිය ජීවිත පූජා කර ඇති බව හෙළිවේ

හපුතලේ ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් හමුදාවට අයත් ‍Y 12 සැහැල්ලු යානයක් අනතුරට ලක්වී ගුවන් හමුදා රණවිරුවන් සිවුදෙනෙකුට ජීවිතය අහිමි වුනා.

වාර්තා වන අන්දමට එම ගුවන් හමුදා රණවිරුවන් සිවුදෙනා යානයේ යාන්ත්‍රීක දෝෂයක් පවතින බවත් ‍යානය අනතුරට ලක් වන බව අවබෝධ කරගෙන සාමාන්‍ය ජනතාවගේ ජීවිත බේරාගෙන ජනාකීර්ණ නොවන ප්‍රදේශයකට යානය පදවා ගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

මේ සිදුවීම ඇසින් දුටු ප්‍රදේශවාසි කාන්තාවක් මේ පිළිබඳව මෙලෙසින් ප්‍රකාශ කළා.

“මේ සිද්ධිය ඇසින් දුටු හසන් රිස්‌මියා මෙසේ කීවේය. මට ළමයි හතර දෙනෙක්‌ ඉන්නවා. ඒ අයත් එක්‌ක මිදුලේ අව්ව තපිමින් සිටියා. කවදාවත් නැතිව ගුවන් යානයක්‌ ගොඩක්‌ පාතින් එනවා දැක්‌කා. මම ළමයින්ට පෙන්වන්න කතා කළා. ඒ එක්‌කම ගුවන් යානය අපේ ගේ ඉස්‌සරහ තියෙන ගහක ගෑවුණා. එතකොට ගුවන් යානය ඇතුලේ ඉන්න අය අපිට පෙනුණා. එයින් එක්‌ අයෙක්‌ අත දාලා එහාට යන්න කියනවා තේරුණා. ඒ එක්‌කම ගුවන් යානය අනෙක්‌ පැත්තට හැරුණා. ඉන් පසු අපේ ගෙදරට ඉස්‌සරහා ගෙදර ගහක වැදිල ලොකු සද්දයක්‌ ආව. ඒ එක්‌කම කළු දුමක්‌ එක්‌ක ගින්දර පිටවුණා. මම ළමයි ටික අරන් ගෙට දිව්වා. අහල පහල කට්‌ටිය ඇවිත් වතුර දාලා නිවන්න උත්සාහ කළා. හරිගියේ නෑ.”

මේ පිළිබඳව එම්. මුනම්වරා (38) මහත්මිය ප්‍රකාශ කළේ

“ඊයේ උදේ 9.15 ට විතර අපි ගෙදර ඉන්නකොට ගුවන් යානය ගෙට පහත් කරගෙන වගේ ආවා.

මමත් පුතත්, නංගිත් ගෙදර බිම දිගාවුණා. අපි හිතුවා අපේ ගෙට ගුවන් යානය කඩාගෙන වැටෙයි කියලා. අපි දෙයියෝ සිහිකර ගත්තා. ඒ එක්‌කම වගේ මහා හඬකින් ගුවන් යානය කඩාගෙන වැටුණා.

අපේ ගෙදර වතුර ටැංකියේ වතුර බාල්දි, වෙනත් භාජනවලින් පුරවගෙන අහල පහල අයත් අපිත් ගුවන් යානයේ ගින්න නිවන්න පටන් ගත්තා. ඒ සමගම පොලිසිය, හමුදාව සහ විශාල පිරිසක්‌ මෙහේ ආවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දියතලාව කඳවුරේ නිලධාරීන් සමග හපුතලේ – දියතලාව – බණ්‌ඩාරවෙල- හල්දුම්මුල්ල ආදී පොලිස්‌ ස්‌ථානවල නිලධාරීහු පරීක්‍ෂණ කටයුතු මෙහෙයවමින් සිටිති.” යනුවෙනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button