BREAKING NEWSEXCLUSIVE

රියදුරු බලපතට අදාල වෛද්‍ය සහතික රජයේ රෝහල් වලින්ම නිකුත් කිරීමට ජනපති ගෝඨාගෙන් නියෝග

රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලදී නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

ජනාධිපතිවරයා ඉකුත් දා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී ජනතාව මුහුණදෙන ගැටළු රැසක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණු අතර ඊට විසදුමක් ලෙස මෙම වැඩපිළිවෙල කි‍්‍රයාවට නැංවීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

රියදුරු බලපත‍්‍ර ලබගැනීමේදී ජනතාව මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් මින් පෙරද කරුණු වාර්තා වෙනවා.

මේ අතර රියදුරු බලපත‍්‍ර ලබාගැනීම සදහා අයදුම්පත් භාරදීමෙන් අනතුරුව එය සකස්කොට යළි නිකුත් කිරීමේ නියමිත වේලාව SMS මාර්ගයෙන් දැනුම්දීමේ වැඩපිළිවෙලද ක්‍රියාවට නැංවීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button