BREAKING NEWSEXCLUSIVE

“මන්ත්‍රීවරුන්ට විශේෂ වරප්‍රසාද තියෙනවා – වැරදි කළත් ඔවුන් හිතුමනාපයට අත්අඩංගුවට ගන්න බෑ” 79 හැවිරිදි කරූගෙන් නිවේදනයක්

විශේෂ වරප්‍රසාද සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහසුවෙන් අත්අඩංගුවට ගැනීම නොහැකි බවත් එය මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝණය කිරීමක් බවත් කරූ ජයසූරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසූරිය පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදය වැරදි බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් හිමි විශේෂ වරප්‍රසාද කඩවීමක් බවයි.

79 හැවිරිදි කතානායක කරූ ජයසූරියගේ මෙම නිවේදනය දැඩි ආන්දෝලනයට ලක්ව තිබෙනා අතර තරුණයෙකු සදාකාලික ආබාධිත කර, සිය දේශපාලන බලයෙන් සාක්ෂි වසන් කොට නීතියෙන් ගැලවුනු පාඨලී චම්පිකට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීම වරදක් වන්නේ කෙසේදැයි බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුනා.

මේ අනුව මෙරට පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 කුමන වරදක් සිදු කළත් ඉන් ගැලවීමේ හැකියාවක් ඇතිදැයි මේ පිළිබඳව සමාජජාලා වල ප්‍රශ්න කර තිබූ අතර බොහෝ දෙනා විමසා තිබුනේ මෙරට නීතිය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක්ද යන්නයි.

79 හැවිරිදි කරූ ජයසූරිය ලොව වයස්ගතම කතානායකවරයා වන අතර ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ පක්ෂග්‍රාහීම කතානායකවරයා ලෙසින් ඔහු හැඳින්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button