BREAKING NEWSEXCLUSIVE

අසත්‍ය ප්‍රචාර වපුරා ශ්‍රී ලංකාවේ නම කැත කිරීමට උත්සාහ දැරූ ස්විස් තානාපතිට වැඩ වරදියි ?

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කිරීම සඳහා අනුග්‍රහය දැක්වූවා යැයි චෝදනා එල්ල වී සිටින මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා ආපසු හරවා යැවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වේ.

තමන් විසින් පැහැර ගැනීමට ලක්වූවා යැයි චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික සේවිකාවක් වූ ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මත මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් මෙරට ස්විස් තානාපතිවරයා සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් එරට රජයේද අවදානයට යොමු වී තිබෙන බව වාර්තා වේ.

ස්විස් තානාපතිවරයාගේ අනුග‍්‍රහය මත ශ්‍රී ලංකා රජය අපහසුතාවයට පත් කිරීම සඳහා අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින බවට මෙම පැමිණිලිකරුවන් ස්විස්ටර්ලන්ත රජය වෙත දන්වා ඇත.

තමන් පැහැර ගැනීමට ලක්වූවා යැයි චෝදනා කළ ශ්‍රියාලතා පෙරේරා පසුගිය දෙදින තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තර දී තිබෙන අතර එහිදි ඇය ගේ කට උත්තර දැඩි ලෙස පරස්පර විරෝධි බව ආරංචි මාර්ග සඳහන් කරනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button