BREAKING NEWSEXCLUSIVE

වියදම් අවම කිරීමට ජනපති ගෝඨාභයගේ වැඩක් – ජනපති ආරක්ෂක අංශයේ 900ක් පොලිස් කොට්ඨාසයන්ට යවයි.!

ජනපති ආරක්ෂක අංශයේ රාජකාරී කරමින් සිටි නිලධාරීන් 900ක් වෙනත් පෙලිස් කොට්ඨාස වෙත අනියුක්ත කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

පිරිවැය අවම කිරීමේ අරමුණින් හා මෙම නිලධාරීන්ගෙන් රට වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර මින් පෙර ජනපති ආරක්ෂක අංශයේ බොහෝ පිරිසක් රාජකාරියක් නොමැතිව කාලය ගත කරමින් සිටි බවද වාර්තා වෙයි.

මේ අනුව අදළ නිලධාරින් සේවය කිරීමට කැමති කොට්ඨාස දෙකක් දන්වන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

ජනපති ආරක්ෂක අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු, පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 7ක් මෙසේ වෙනත් කොට්ඨාස වෙත අනියුක්ත කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button