BREAKING NEWSEXCLUSIVE

“කුණු ගඳට ඉන්න බැරි රටක් – යකඩ මිනිසාගේ ප්ලාස්ටික් වැඩක්” අරුවක්කාලු කසල අංගනය පුපුරයි

අරුවක්කාලු කසල අංගනය අද (08) උදෑසන පුපුරා ගොස් තිබෙනවා.

පිපිරීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවී නොමැති අතර සේවකයන් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව පොලීසිය පවසනවා.

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් වැසි ජලය කසල රඳවනයට එක් වීමෙන් සිදු වූ රසායනික ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවට සැක කෙරෙනවා.

මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් මූලිකත්වය ගෙන ඉදි කළ ව්‍යාපෘතියක් වන අරුවක්කාලු කසල රඳවනය, නිසි ප්‍රමිතියට සිදු කර නැතැයි කියමින් පසුගිය කාලය පුරාවටම ඉංජිනේරුවන් ඇතුළු බොහෝ පිරිසක් චෝදනා කිරීම විශේෂත්වයකි.

මෙය පසුගිය රජය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට, නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කළ ව්‍යාපෘතියක් වූවද වත්මන් රජයේ මහනගර සංවර්ධන අමාත්‍යංශය විසින් මෙම ව්‍යාපෘතිය පවරා ගත් පසු එහි මූලික සැලසුම් සියල්ල වෙනස් කරමින් වියදම් තක්සේරු වාර්තා පවා වෙනස් කිරීමට කටයුතු කළා. විශේෂයෙන්ම අරුවක්කාලූ කසළ අංගනය ඉදිකිරීමට පසුගිය රජය විසින් තක්සේරු කර තිබූ රුපියල් බිලියන 2.5ක මුදල වත්මන් රජය යටතේ රුපියල් බිලියන 23ක් දක්වා වැඩි වී තිබුනා.

මේ අනුව අරුවක්කාලු කසල රඳවනය වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් බිලියන 23ක්.

එවැනි අති විශාල මුදලක් මෙම ව්‍යාපෘතියට ඇස්තමේන්තු කළද මෙය ඉතා අඩු වියදමින්, සැපිරිය යුතු මූලික තත්ත්වයන් පවා මගහැර බාල ප්‍රමිතියට සිදු කළ ව්‍යාපෘතියක් බවට පසුගිය සමය පුරාම ඉංජීනේරුවන් ඇතුලු බොහෝ දෙනෙක් පෙන්වා දුන්නා.

මෙම පිපිරීමට හේතුවද අරුවක්කාලූ ව්‍යාපෘතිය එලෙසින් මූලික ප්‍රමිති අවශ්‍යතා පවා මග හැර ඉදිකිරීම බව කියවෙනවා.

විශේෂයෙන්ම කසල ගබඩා කරන විට මෙවැනි රසායනික ප්‍රත්‍රික්‍රීයා සිදු වීම සාමාන්‍ය කරුණකි. නවීන කසල රඳවනයන් සැලසුම් කරන්නේ එම රසායනික ප්‍රතික්‍රියාවන්ට ඔරොත්තු දෙන ක්‍රමවේද භාවිතා කරමිනි.

කෙසේ වෙතත් අරුවක්කාලු කසල රඳවනය සෑදීමේදී ඒ කිසිදු ක්‍රමවේදයක් භාවිතා නොකර, අඩු වියදමින් සිදු කර තිබීම පසුගිය කාලය පුරාවටම ආන්දෝලනයට තුඩු දුන්නා.

මෙම පිපිරීම හේතුවෙන් ප්‍රදේශයේ අධික දුර්ගන්ධයක් පවතින බවද, වැසි ජලය සමග මිශ්‍ර වූ කැලි කසල ප්‍රදේශය පුරා ගලා යමින් පවතින බවද පොලීසිය පවසයි.

ඒ හේතුවෙන් කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනය වෙත යැවූ කුණු ලොරි 63ක් නැවතත් හරවා එවා තිබෙන අතර, අවම වශයෙන් දින කිහිපයක් ගත වනතුරු නැවතත් කොළඹ කුණු ගබඩා කිරීමට ස්ථානයක් නොමැති වීමේ අවදානමක් මතුව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button