BREAKING NEWSEXCLUSIVEVIRAL NEWS

මාතරට ඇඳිරි නීතිය – බෝධිරුක්ඛාරාමයට එල්ල වූ ප්‍රහාරයක් නිසා කිරින්ද උණුසුම්

හක්මන මාතර ප්‍රදේශයේ කිරින්ද නගරයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මේ වනවිට පාලනය කර තිබෙන බව පොලීසිය පවසනවා.

ඊයේ (27) පස්වරුවේ ඇතිවූ මෙම ගැටුම හේතුවෙන් මාතර කිරින්ද ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරි ස්වභාවයක් ගත්තා.

Lanka Mag වෙත වාර්තා වන අන්දමට ප්‍රදේශයේ මුස්ලිම් සහ සිංහල කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම ඇතිව තිබේ. කිරින්ද බෝධිරුක්ඛාරමය කලක පටන් එම ප්‍රදේශයේ පැවැති පුරාණ විහාරස්ථානයක් වන අතර එම විහාරස්ථානය මුල් කරගෙන මෙම ගැටුම ආරම්භ වී තිබේ.

විහාරස්ථානයේ ඉඩම් සදහා ආරවුලක් ඇති කරගෙන සිටින කිරින්දේ අසල්වාසි මුස්ලිම් ගමක වාසය කරනා තරුණයන් පිරිසක් ඊයේ උදෑසන කිරින්ද බෝධිරුක්ඛාරාමයට හිස් මත්පැන් බෝතල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ සමගම ප්‍රදේශවාසීන් සහ මහා සංඝ රත්නය එල්ල කළ දැඩි විරෝධය හමුමේ මෙම සිදුවීමට සම්බන්ධ යැයි සැකපිට අසල්වාසි මුස්ලිම් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් මාතර ප්‍රදේශය නියෝජනය කරනා, මුදල් සම්බන්ධ අමාත්‍යධූරයක් දරනා රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ බලපෑම මත මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් නොකරම සැකකරුට පොලිස් ඇප හිමිව තිබේ.

ඔහු නිදහස් වීමත් සමගම ප්‍රදේශයේ මුස්ලිම් තරුණයන් පිරිසක්, පොලිස් පැමිණිල්ල ඉදිරිපත් කළ සාමනේර හිමිනමකට පහර දීමට පැමිණ ඇති අතර ඉන්පසුව මෙම කණ්ඩායම් දෙක අතර ගැටුමක් ඇතිව තිබේ.

ඉන්පසුව ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබුණි. එම ස්ථානයට ලඟා වූ පොලිස් විශේෂ කාර්ය බලකාය තත්ත්වය සමනය කිරීමට සමත් වූ අතර තවමත් ප්‍රදේශයට විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දී තිබේ.

කෙසේ වෙතත් සිදුවීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් Lanka Mag විමසූ අතර ඔහු ප්‍රකාශ කළේ පෞද්ගලික සාදයකදී ඇතිවූ ගැටුමක් මුල් කරගෙන මෙම ගැටුම ආරම්භ වි තිබෙන බවයි. කිරින්ද බෝධිරුක්ඛාරමයට එල්ල වූ ප්‍රහාරයක් නිසා මෙම ගැටුම ඇතිවී දැයි විමසූ විට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් එම වාර්තා ප්‍රතික්ෂේප කළා.

ගැටුම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් හා විනාශ වූ දේපළ පිළිබඳ වාර්තාවක් තවමත් පොලීසිය විසින් ඉදිරිපත් කර නැහැ. කෙසේ වෙතත් මේ වනවිට ගැටුමෙන් තුවාල ලබා පුද්ගලයන් සිවුදෙනෙකු මාතර මහ රෝහලට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වනවා.

එම අවස්ථාවේ ඡායාරූපයක් පහතින්,

මාතර ගැටුම
මාතර ගැටුම

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button