BREAKING NEWSEXCLUSIVE

වැට් බදු සහනය ඵල දරයි – පාන් මිල පහලට

හෙට මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් අඩු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

රජය මගින් ලබාදුන් වැට් බදු සහනය සහ තිරිගු පිටි ඒකාධිකාරය බිදවැටීමත් සමග තිරිගු පිටි මිල අඩුවීම හේතුකරගෙන එම තීරණය ගත් බව එහි සංගමය පවසනවා.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි පසු, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වැට් ඇතුලු බොහෝ බදු වර්ග අඩු කළ අතර මේ වනවිට එහි සහනය ජනතාවට ගලා යනවාදැයි නීරික්ෂණය කෙරෙමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button