BREAKING NEWSEXCLUSIVE
ඔක්සිජන් එපා යැයි කියූ ජනතාවක් සමග ගැටෙනා අභීත රාජ්‍ය නිළධාරිනිය

මීගමුව ආශිත කඩොලාන පරිසර පද්ධතියක් තුළ ක්‍රීඩා පිටියක් සඳහා ඉඩ වෙන්කර ගැනීමට උත්සාහ කළ ප්‍රදේශවාසීන්ට සහ රාජ්‍ය අමාත්‍යවරයෙකුට විරෝධය දක්වමින් රාජ්‍ය නිලධාරිනියක් සිය විරෝධය දක්වන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙසට ඇයගෙන් කළ ඉල්ලීමකට ඇය මෙලෙසට විරෝධය දක්වනවා. ප්‍රදේශවාසීන් එහිදී බලපෑම් එල්ල කළද තමන්ට ඊට ඉඩ දිය නොහැකි බව එම නිලධාරිනිය එහිදී දැඩිව කියා සිටිනවා.
ප්රදේශවාසියෙක් එහිදී සඳහන් කරන්නේ තමන්ට ඔක්සිජන් අවශ්‍ය නැති බවයි .මිනිසුන් මැරෙන්නේ කුඩු නිසා බවත් එම පුද්ගලයන් එහිදී සඳහන් කරනවා.
අමාත්‍යවරයා ද එහිදී සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව කුඩා දූපතක් නිසා මෙලෙස ඉඩම් ලබාදීමට විරුද්ධ වුවහොත් අදාළ කටයුතු සඳහා මේ රටේ ඉඩම් නොමැති වනු ඇති බවයි.
සිය රාජකාරිය නිසි ලෙස ඉටු කරන එම නිලධාරිනියගේ වීඩියෝව පහතින්,